උසස් පෙළට සියල්ල සූදානම්…

0
25

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය(2022 -2023) පැවැත්වීමට අදාළ මූලික කටයුතු සියල්ල සම්පාදනය කොට ඇතැයි විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඒ අනුව 2022 – 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (23) සිට විභාග මධ්‍යස්ථාන 2,200කදී පැවැත්වීමට නියමිතය. මෙවර උසස් පෙළ විභාගය සඳහා පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන් 331,709 දෙනෙකු පෙනී සිටීමට නියමිත අතර විභාගය පෙබරවාරි මස 17 වැනිදා දක්වා පැවැත්වෙනු ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here