• Wed. Mar 22nd, 2023

gossip24.lk

Your awareness | our responsibility

Medi Help දැන් බණ්ඩාරගමටත්…

ByAdmin

Jan 1, 2023

ශ්‍රී ලාංකීය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැරිය හැකි මිලකට මූලික ප්‍රතිකාර සැපයීමෙහිලා පුරෝගාමී සහ විශාලතම රෝහල් ජාලය වන MediHelp Hospitals සමූහය සිය සේවාවන් දීපව්‍යාප්තව පුළුල් කරලීමේ පියවරක් ඉදිරියට තබමින් නවීන වෛද්‍ය ප්‍රතිකාරයන්ගෙන් සමන්විත සිය නවතම රෝහල් ශාඛාව බණ්ඩාරගම නගරයේදී පසුගියදා විවෘත කරන ලදී. අභිනව බණ්ඩාරගම රෝහලේ සමාරම්භක අවස්ථාවට MediHelp Hospitals සමූහයේ සභාපති ලෙස්ලි විජේසිරිවර්ධන, MediHelp රසායනාගාර සමූහයේ අධ්‍යක්ෂිකා සුනන්දා විජේසිරිවර්ධන, සෞඛ්‍ය අමාත්‍යාංශයේ පුද්ගලික සුවසේවා සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ සහ පුද්ගලික රෝහල් සේවා නියාමන කොමිෂන් සභාවේ ලේකම් වෛද්‍ය ධම්මික අලහප්පෙරුම, කළුතර දිස්ත්‍රික්කයේ කලාපීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය යූ.අයි. රත්නායක, MediHelp රෝහල් සමූහයේ වෛද්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චරිත විජේසිරිවර්ධන, සමූහයේ විධායක අධ්‍යක්ෂ චන්දික විජේසිරිවර්ධන සහ සමූහයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නිශාන්ත ජයමාන්න යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට සහභාගි වූහ.

MediHelp Hospitals සමූහයේ නවතම ශාඛාව මූලික රෝහල් සේවා ලබාදීම සඳහා අවශ්‍ය අතිනවීන වෛද්‍ය උපාංගයන්ගෙන් සමන්විත වන අතර බාහිර රෝගී අංශය ඇඳන් 5කින් සමන්විත හදිසි ප්‍රතිකාර ඒකකය, රසායනාගාරය, ෆාමසිය, එක්ස් කිරණ සේවා, අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණ, Echocardiography, භෞත චිකිත්සක සේවා, අක්ෂි ප්‍රතිකාර මෙන්ම විශේෂඥ වෛද්‍ය සේවා ලබාගත හැකි වඩාත් ඉඩ පහසුකම් සහිත පරිශ්‍රයකින් සමන්විත වේ. MediHelp සමූහයේ වෛද්‍ය, හෙද සහ පරිපූරක වෛද්‍ය සේවා කණ්ඩායම්ද දැඩි කැපවීමකින් යුතුව ගුණාත්මක සේවාවක් ලබාදීම වෙනුවෙන් කැපවී සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *