• Wed. Mar 22nd, 2023

gossip24.lk

Your awareness | our responsibility

16 වන බෙනඩික්ට් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ…

ByAdmin

Jan 1, 2023

16 වන බෙනඩික්ට් හිටපු පාප් වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අද (දෙසැ. 31) උදෑසන පෙරවරු 9.34ට වතිකානයේ Mater Ecclesiae ආරාමයේ පිහිටි ඔහුගේ නිවසේදී රෝගී තත්ත්වයක් හේතුවෙන් උන්වහන්සේගේ ස්වර්ගස්ථ වී ඇති බව ය.

ස්වර්ගස්ථ වන විට උන්වහන්සේ 95 වන විය පසු වූහ.

1927 වසරේ අප්‍රේල් 16 වන දා ජර්මනියේදී උපත ලද උන්වහන්සේ 2005 වසරේ සිට 2013 දක්වා වසර 8කට ආසන්න කාලයක් පාප් වහන්සේ ලෙස කටයුතු කළහ.

265 වන පාප් වහන්සේ ලෙස 2005 වසරේදී තේරී පත් වූ උන්වහන්සේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීම මත වසර 8කටත් වඩා අඩු කාලයක් පාප් පදවිය දැරීමෙන් පසු ස්වේච්ඡාවෙන් ඉල්ලා අස්වූහ.

  • මිතුන් ජයවර්ධන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *