• Wed. Mar 22nd, 2023

gossip24.lk

Your awareness | our responsibility

සිය දිවි නසාගත් ඉන්දීය සුරූපිනිය…

ByAdmin

Dec 31, 2022

ජනප්‍රිය ඉන්දීය ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක වන ටුනීෂා ෂර්මා (Tunisha Sharma) සිය දිවි නසා ගෙන තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සිදු කළ රූගත කිරීමකට සහභාගි වී සිටින අතරතුර දී පසුගිය දා (දෙසැම්බර් 24) ඇය මෙලෙස සිය දිවි නසා ගෙන ඇති බව ය.

රූගත කිරීම් අතරතුර ඇය වැසිකිළියට ගොස් ඇති අතර බොහෝ වේලාවකින් ඉන් එළියට නොපැමිණ ඇත.

ඒ අනුව, එහි දොර කඩා විවෘත කර බලන විට ඇය එහි තුළ සිට තිබේ.

එහි සිටි පිරිස ඇයව වහා රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇති අතර එහිදී ඇය ජීවිතක්ෂයට පත් වී ඇතැයි වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත.

පොලිසිය සඳහන් කර ඇත්තේ, ඇයගේ මරණය සියදිවි නසා ගැනීමක් ද ඝාතනයක් ද යැයි නිසි ලෙස දැන ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක කර ඇති බව ය.

20 හැවිරිදි වියේ පසු වූ ඇය ජනප්‍රිය ඉන්දීය ටෙලිනාට්‍ය කිහිපයකට ම රංගනයෙන් දායක වූ ජනප්‍රිය රංගන ශිල්පිනියකි.

මූලාශ්‍රය : මව්බිම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *