චන්දෝලි සිරසට…

0
38

තම වෘත්තිය ගැන කලකිරී කොළඹ අතහැර වනගත ගමකට යන වෛද්‍යවරයකු සහ ගැමියන් විසින් මූසල අවාසනාවන්තියන් ලෙස සලකා බැහැර කෙරෙන ස්ත්‍රී කණ්ඩායමක් සහ ආරණ්‍යගතව වෙසෙන භික්ෂූන් වහන්සේ පිරිසක් අතර “චන්දෝලි” කතාව ගොඩනැගෙයි.

ගුප්ත රහස් සමග එකිනෙකා අතර සංවේදී මානුෂීය සම්බන්ධතා සමග මෙහි කතාව ගොඩනැගෙයි.

ගොදුරක් වෙමින් නොවෙමින් ඊට එරෙහිව දඩයක්කාරයින් ලෙස ජීවිතය සමග ගැටෙමින් ජීවිතය සහ සොබාදහම වටහාගන්නා මිනිසුන් පිරිසක් මෙහි පිළිබිඹු වෙයි.

දමිතා අබේරත්න, බුද්ධික ජයරත්න, මාධවී ඇන්තනි, හිමාලි සිරිවර්ධන, නිල්මිණී කෝට්ටේගොඩ, නිරෝෂා තලගල, සුදත් ඇන්තනී, රංගි රාජපක්ෂ ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පීන් මෙම ටෙලි සිත්තම සඳහා දායක වේ.

මෙම ටෙලි සිත්තමේ තිර රචනය සහ අධ්‍යක්ෂණය තුෂාරි අබේසේකර වන අතර නිෂ්පාදනය ක්‍රිෂාන්ති මඩුගල්ලගේ ය. කවදත් නැවුම් අත්දැකීම් ලබාදෙන සිරස ටීවී නාලිකාවේ නවතම ටෙලි සිත්තම “චන්දෝලි” සෑම සතියේ දිනකම රාත්‍රී 7.30 ට විකාශය වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here