• Wed. Mar 22nd, 2023

gossip24.lk

Your awareness | our responsibility

ඝෝඨාභයගේ මීඩියා ෂෝ වලට ලක්ෂ 75ක්…

ByAdmin

Jan 1, 2023

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමය තුළ ස්ථාපනය කරන ලද විශේෂ මාධ්‍ය මධ්‍යස්ථානය වෙනුවෙන් රුපියල් ලක්ෂ 75 කට ආසන්න මුදලක් වැය කර තිබෙන බව වාර්තා වේ.

තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ලබා ගත් තොරතුරු මත පදනම්ව මේ බව වාර්තා කර ඇත.

සුදේව හෙට්ටිආරච්චි සහ කිංග්ස්ලි රත්නායක යන අය හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකය හා සම්බන්ධ වීමෙන් පසුව ඇමරිකානු ජනාධිපතිවරයාගේ ධවල මන්දිර මාධ්‍ය කුටියේ ආකෘතියට අනුව යමින් මෙම නව මාධ්‍ය මධ්‍යස්ථානය නිර්මාණය කර තිබුණි.

කොළඹ කොටුව ජනාධිපති මන්දිරය ඉදිරියේ තිබෙන ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකු ගොඩනැගිල්ලේ පහත මහලේ මෙම මාධ්‍ය මධ්‍යස්ථානය ක්‍රියාත්මක වූ අතර එකවර හතලිස් දෙනෙකුට පමණ සහභාගී විය හැකි පමණට ඒ තුළ ඉඩ පහසුකම් පැවතුණි.

2021 ජූලි 21 ත් 2022 අප්‍රේල් අටවනදාත් අතර කාලය තුළ අදාල මාධ්‍ය මධ්‍යස්ථානය සක්‍රීයව පැවති අතර එහි පවත්වා ඇති මාධ්‍ය හමු ගණන 24 කි.

මූලාශ්‍රය : මව්රට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *