ගින්දරී 3 ගින්දර වගේ දුවයි…

0
28

පවතින දැඩි ආර්ථික අපහසුතා සහ සන්ධ්‍යා කාලයේ විදුලිය බිඳ වැටීම් මධ්‍යයේ වුවද අපේ රටේ සිනමාවංශ කතාවේ අලුත් පිටුවක් පෙරළීමට ගින්දරී 3 චිත්‍රපටයට හැකි විය. මෙරට ප්‍රවීණ සිනමාකරුවකු වන උදයකාන්ත වර්ණසූරියගේ නවතම සිනමා නිර්මාණය වන ගින්දරී 3 සිනමා නිර්මාණය පසුගිය 01 වැනිදා තිරගත කිරීම ආරම්භ කළ අතර පසුගිය 29 වැනිදා වනවිට මාසයකට ආසන්න කාලයක් ඇතුළත ලක්ෂ පන්සියයකට අධික ආදායමක් උපයා ඇත.

මෙම චිත්‍රපටය තිරගතවීම ආරම්භ කළ සති දෙකක් ඇතුළත දී ලක්ෂ දෙසිය විසිහයකට අධික ආදායමක් ඉපැයීමෙන් මෙරට සිනමා කර්මාන්තය තුළ පසුගිය වසර හතක් ඇතුළත දී වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපටයක් ලෙස නව වාර්තාවක් ද පසුගියදා

පිහිටු විය. සැබැවින්ම මෙම පුවත මෙරට සිනමාලෝලීන්ට මෙන්ම සිනමාශාලා හිමියන්ට ද සුබ පණිවුඩයකි. ඒ මන්ද යත් වර්තමානය වනවිට මෙරට සිනමාශාලා රැසක් වැසී ගොස් ඇති යුගයක වගේම ප්‍රේක්ෂකයන් සිනමා හල් කරා ඇදී ඒමට මැලිකමක් දක්වන යුගයක උදයකාන්තගේ ගින්දරී 3 ගින්දර වගේ තිරගතවීම සතුටට කරුණකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here