• Sun. May 28th, 2023

gossip24.lk

Your awareness | our responsibility

උණ, කැස්ස හා හතිය දරුවන් අතර, බල බලා නොසිට වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්න

ByAdmin

Mar 21, 2023

වෛරස් උණ, කැස්ස, සහ ළමා හතිය වැළඳුණු දරුවන්ගේ වැඩිවීමක් දක්නට තිබෙන බව, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය, දීපාල් පෙරේරා මහතා පවසයි.

දීර්ඝ කාලීනව පවතින කැස්ස සහ ළමා හතිය, ක්ෂය රෝගය කෙරෙහි බලපා ඇති බැවින් සති දෙකකට වැඩි කාලයක් කැස්ස පවතින දරුවන් වහාම වෛද්‍යවරයකු ලෙස යොමු කළ යුතු බව ද හෙතෙම සඳහන් කළේය.

වැසි සහිත කාලගුණයත් සමග පාසල් දරුවන් අතර ඉන්ෆ්ලුවන්සා රෝගය පැතිර යෑමේ අවදානමක් ඇති බැවින්, කැස්ස, උණ, සෙම්ප්‍රතිශ්‍යාව, වමනය, හිසරදය සහ බඩඑළිය යෑම වැනි රෝග ලක්ෂණ දරුවන් අතර දක්නට ලැබේ නම් වහාම වෛද්‍යවරයකු වෙත යොමු කරන ලෙස ද ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

මෙවැනි රෝග ලක්ෂණ දක්නට ලැබේ නම් දරුවන්ට මුව ආවරණ පැළඳවීම අනිවාර්ය බවත්, පැරසිටමෝල් මාත්‍රාවන් නිසි ලෙස ලබා දීමත්, සවභාවික දියර ආහාර මෙන්ම විවේකය ලබා දීමත් අතිශය වැදගත් බව වෛද්‍ය දීපාල් පෙරේරා මහතා කියා සිටියේය.

දින කිහිපයක සිට උණ පවතී නම් එය ඩෙංගු හෝ කොවිඩ් ආරම්භයක් ද විය හැකි බැවින් වහාම රෝහලකට පැමිණ වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු වීම වැදගත් බව ද වෛද්‍ය දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් කියා සිටියේය.
– සුජීව තත්සර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *