පානදුරේ පාසල් සිසුවෙක් හදිසියේම ජීවිතක්ෂයට…

0
25

පානදුර, පිංවත්ත ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක සිසුවෙක් ඊයේ(21) දහවල් හදිසියේම ජීවිතක්ෂයට පත්ව ඇති බව පින්වත්ත පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ කළුතර උතුර ආබෲ පාරේ පදිංචිව සිටි මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින 16 හැවිරිදි සිසුවෙකි.

මියගිය සිසුවා තවත් සිසුන් කිහිපදෙනෙකු සමග ක්‍රීඩා කරමින් සිටියදී විද්‍යාල භූමියේ රෝගීව ඇද වැටී ඇති අතර රෝහල් ගත කිරීමෙන් අනතුරුව මද වේලාවක දී මියගොස් ඇතැයි සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මියගිය දරුවා රෝගී තත්ත්වයකින් පෙළෙමින් සිටි අයෙක් බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පානදුර අපරාධ පරීක්ෂණාගාරයේ නිලධාරීන් විද්‍යාල භූමිය වෙත පැමිණ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූහ.

මියගිය සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පානදුර මූලික රෝහලේදී පැවැත්වීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් පානදුර පිංවත්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here